“යතිවර මෙහෙවරට ගෞරව උපහාර” උපහාර පුද කිරීමේ වැඩ සටහන

සමස්ථ ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මහා ලේඛකාධිකාරී ධූරයෙන් පසුගියදා නිතරගයෙන් තේරීපත්වූ බලකඩුව අනුරුදු අරණ නිර්මාතෘ හා අධිපති ලෝක තරුණ බෞද්ධ මහා සංගමයේ ලේකම් පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නාහිමියන් පිළිගෙන උපහාර පුද කිරීමේ වැඩ සටහනක් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී 2022.01.21 දින සවස පැවැත්විණි.

“යතිවර මෙහෙවරට ගෞරව උපහාර” නමින් යුත් මෙම වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු අංශය එක්ව සංවිධානය කෙරිණි.එසේම දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බල මණ්ඩලවල දහම් ප්‍රබෝධය ඇති කිරීමට කටයුතු කළ සභාපති හා ලේකම් ස්වාමීන්වහන්සේලාටද උපහාර දැක්වීමක් හා සේවා ඇගයීමක්ද මෙදින සිදුවිය.

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ වැඩබලන මහා නායක සිත්තම් ගල්ලෙන රාජමහා විහාරාධිපති පූජ්‍ය අගලබඩ පියසිරි නාහිමි ගේ සහ රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධමිමින්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවත්විණි.

එම අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය ඉත්තදෙමලියේ පඥ්ඥාරතන නාහිමි, හම්බන්තොට දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ශාස්ත්‍රපති පූජ්‍ය නලගම ධම්මවංශ නා හිමි,ඇතුළු මහා සංඝ රත්කයද, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර,අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.එච්.එස්.ජයමහ, සහකාර දිස්ත්‍රික් ලේකම් කේ.චන්දිමා නිරෝෂනී,යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )

271743521_236726358624028_248462504285787879_n.jpg