තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවැල්ල දකුණ ග්‍රාම නිලධාරී වසමේ ආපදා අවදානම් කළමනාකරණය පිළිබඳව ග්‍රාමීය කමිටු නායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන

තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවැල්ල දකුණ ග්‍රාම නිලධාරී වසමේ ආපදා අවදානම් කළමනාකරණය පිළිබඳව ග්‍රාමීය කමිටු නායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසු ගියදා පැවැත්විණි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ උපදෙස් පරිදි හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ මෙහෙයවීමෙන් පැවති මෙම වැඩසටහන සදහා මාවැල්ල දකුණ ග්‍රාම නිලධාරී ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ගමේ ජනතායගේ සහභාගිත්වයෙන් සිදු විය.

මෙහිදි පැමිණි ජනතවට වසමට බලපානු ලබන ආපදා මොනවාද? එම ආපදා වලින් ආරක්ෂා වන්නේ කෙසේද?ආපදා තත්වයකදී ආරක්ෂිත ස්ථානයක් කරා ගමන් කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබදව දැනුවත්කිරිමක් සිදු විය.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද්)