ලිපි කළමනාකරණ පද්ධතිය මඟින් ලිපි බෙදා හැරීම සම්බන්ධ පුහුණු වැඩමුළුව
හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට දෛනිකව ලැබෙන ලිපි අදාල අංශ වෙත යොමු කිරීමේ කාර්යය විධිමත් කිරීම සඳහා ස්ථාපනය කරන ලද පරිගණක පද්ධතිය මඟින් ලිපි බෙදා හැරීම සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතී.
මාර්ගගත ලිපි බෙදා හැරීම දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ උපදෙස් හා මගපෙන්විම අනුව සිදු වන අතර තව දුරටත් මෙම වැඩසටහන පිලිබදව අදාල නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2021.11.17 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිගණක හා පුහුණු අංශයේදී පැවැත්විණි.
ආයතනයේ කාර්යයන් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාවට නැංවීමට මෙවැනි පද්ධති බෙහෙවින් උපකාර වන හෙයින් එය නිසි ලෙස ක්‍රියාත්මක කරවීමට කටයුතු කරන ආකාරය හා පද්ධතියට එක් කරන ලද නව අංග හා ඒවා ක්‍රියාත්මක කරවීම සම්බන්ධ පුහුණුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරී එම්.ගුණසිංහ මහතා විසින් සිදු කෙරිණි.මෙම පද්ධතිය නිර්මාණය කරණ ලැබුවේද ඔහු විසිනි.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )







