ලෝක ළමා දිනය සැමරීමේ වැඩ සටහන - 2021
අදට යෙදී ඇති ලෝක ළමා දිනය සැමරීමේ වැඩ සටහනක් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් 2021.10.01 දින පෙරවරුවේදී පැවැත්විණි.
“සියල්ලටම පෙර දරුවන් ” යන තේමාව යටතේ මෙම සැමරුම් වැඩසටහන පැවති අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීතුමිය ඇතුළු පිරිස විසින් සංවිධානය කෙරිණි.සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ළමා සමාජවල සීමිත දරුවන් පිරිසක් සහභගි කර ගනිමින් සිදු කෙරිණි.
මෙම වැඩ සටහනට සමගාමීව “කුස ගිනි නැති-තුරුලිය ඇති දැහැමි රටක් ගොඩ නැගීමේ” රුක්රෝපණ වැඩසටහන යටතේ බද්ධ කොස් පැළ පරිපාලන සංකීර්ණ පරිශ්‍රය තුළ සිටුවීමක්ද සිදු කෙරිණි.එසේම එම දරුවන්ට තම නිවෙස් වල සිටුවීම සදහා කොස් පැළ ලබා දුන් අතර එම පැළ 2024 වන තෙක් රැක බලා ගැනීම සදහා වන වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මකවේ.ඒ් යටතේ ගස වැඩීමේ කාඩ්පතක් ඔවුන්ට ලබා දී අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක්ද සකස්කර ඇත.
මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.එච්.එස්.ජයමහ, අතිරේක දිස්ත්‍රික් (ඉඩම්) ලේකම් කේ.පී.ජී.සුමිත් ශාන්ත,සහකාර දිස්ත්‍රික් ලේකම් කේ.චන්දිමා නිරෝෂනී,පරිපාලන නිලධාරී ඩබ්ලිව්. ඩබ්ලිව්.ඒ.වී.නිරෝෂන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )












