හම්බන්තොට නව දිස්ත්‍රික් ලේකම් ලෙස එච්.පී.සුමනසේකර මහතා 2021.05.06 පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් වැඩ භාර ගත්තේය. මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී මහා සංඝ රත්නය විසින් සෙත් පිරිත් දේශනා කරමින් ආශිර්වාද කිරීමක්ද සිදු කෙරිණි. පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන සුමනසේකර මහතා කළුතර දිස්ත්‍රික්කයේ ඉපිද කළුතර ධර්මපාල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව කොළඹ විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගත්තේය. අනතුරුව ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනයෙන් රාජ්‍ය කළමනාකරණය පිළිබද පශ්චාත් උපාධිය ලැබීය.
2000 වර්ෂයේදි පරිපාලන සේවයට එක්වෙන සුමනසේකර මහතා සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙකු ‍ ලෙස බලපිටිය හා බේරුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කෙරිණි. ඉන් පසුව ප්‍රාදේශීය ලේකම්වරයෙකු ලෙස කරන්දෙණිය, අගලවත්ත හා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සේවය කළේය. ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම්, ජේෂ්ඨ සහකාර ලේකම් යන තනතුරු හොබවා ඇති ඒ මහතා විදේශ රැකියා අමාත්‍යාංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් ලෙසද කටයුතු කෙරිණි. එම කාලයේදිම විදේශ තානාපති සේවයේ කම්කරු උපදේශකවරයෙකු ලෙස ඕමාන් තානාපති කාර්යාලයේ සේවය කෙරිණි.පසුව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර නව දිස්ත්‍රික් ලේකම් තනතුරේ රාජකාරි ආරම්භ කරන තෙක් වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස රාජකාරි සිදු කෙරිණි. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ ඩබ්ලිව්.එච්.කරුණාරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩු වූ තනතුර සදහා සුමනසේකර මහතා මෙලෙස වැඩ භාර ගනු ලැබුවේ ය.
 
180473005 751919495504842 7282887821522097104 n180510217 751919775504814 4613226188028555738 n180573047 751920458838079 4148361516946717601 n180687181 751920908838034 5413398495123306850 n180803401 751920218838103 5820663775525625645 n181106239 751920642171394 6008584018340700944 n181574733 751920175504774 6498640817271508655 n182048815 751920965504695 376503129371817341 n182418406 751920048838120 4269797895273790390 n