
ලෝක පරිසර දිනයට සමගාමීව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන රුක්රෝපණ වැඩසටහන ලුණුගම්වෙහෙර වීරවිල් ආර සරුකෙත ඝන අපද්‍රව්‍ය කළමණාකරන මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සිදුවිය.”තිරසර වන කළමණාකරනය තුළින් වායු දූෂණය අවම කරමු”යන තේමාව යටතේ මධ්‍යම පරිසර අධිකාරිය හා ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාව එක්ව මෙය සංවිධානය කෙරිණි.
ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති රසික දිනේෂ් මැතිතුමා හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ.බන්දුල හරිශ්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රුක්රෝපණ වැඩ සටහනේදී එම භූමිය තුළ අඹ පැළ පමණක් සිටුවීම විශේෂත්වයකි.පැමිණ සිටි සියලු ආරාධිත අමුත්තන් හා ලුණුගම්වෙහෙර අභයපුර විද්‍යාලයේ පරිසර නියමු භට කණ්ඩායමේ දරුදැරියන් විසින්ද පැළ සිටුවීම සිදු කෙරිණි.
අනතුරුව මෙවැනි රුක්රෝපණය තුලින් මිනිසාට සිදුවන යහපත සහ වනාන්තර විනාශය තුලින් වන විපාක පිළිබදව මෙහී පැවැති උත්සව සභාවේදී කථිකයින් විසින් දැනුවත් කිරීම් සිදු කෙරිණි.
මෙම අවස්ථාව සදහා ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් අයි.එල්.වික්‍රමනායක,හම්බන්තොට පලාත් පාලන සහකාර කොමසාරිස් රුවන් කන්නංගර, මධ්‍යම පරිසර අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් අධ්යක්ෂ එන්.ජී.කේ.සමරතුංග, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රදීප් පරණගම,යන මහත්වරු ඇතුළු පිරිසක් එක්විය.





