

ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්රියාත්මක කරණ ග්රාමශක්ති වැඩසටහනේ දකුණු පළාත් ප්රගති සමාලෝචන රැස්වීම අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන් 2019.02.21 දින පෙ.ව.10.00ට මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාලීය ශ්රවනාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අතිගරු ජනාධිපතිතුමා විසින් ගාල්ල,මාතර,හම්බන්තොට දිස්ත්රික්කවල ප්රගතිය විමසා සාකච්ඡා කිරීමෙන් අනතුරුව තිස්සමහාරාම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්රාමශක්ති වැඩසටහනේ ප්රජාපාලිත ගම්මානයක්වන ජූල්පල්ලම ග්රාම නිලධාරී වසමේ සංචාරය කර ගැටලු සොයා බැලීමට නියමිතය.
මෙම අවස්ථාව සදහා දකුණු පලාත නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු හා පලාත් සභා මැති ඇතිවරුන්, දකුණු පලාත් ආණ්ඩුකාරතුමා, ගාල්ල,මාතර,හම්බන්තොට දිස්ත්රික්කවල දිස්ත්රික් ලේකම්වරු,ක්රමසම්පාදන අධ්යක්ෂවරු,ප්රාදේශීය ලේකම්වරු. දකුණු පලාත් ප්රධාන ලේම්තුමා ඇතුලු පලාත් සභා නිලධාරින්,ඇතුලු පිරිසක් සහභාගිවීමට නියමිතය.





