රාජ්‍ය නොවන සංවිධාන පිළිබද සම්බන්ධීකරණ කමිටු රැස්වීම

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන පිළිබද සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.
දැනට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන සංවිධාන 34ක් ක්‍රියාත්මක වන අතර මාස තුනකට වරක් ඔවුන්ගේ ප්‍රගතිය විමසා බැලීම සිදු කෙරේ.
මෙහිදි දිස්ත්‍රික් ලේකම්තුමා අදහස් දක්වමින් ‘‘ ඉලක්ක කණ්ඩායමක් ලෙස රාජ්‍ය ආයතනවල පවතින වැඩ සදහා,ළමයින්,ක්‍රීඩා,පාසැල්, ඉලක්ක කර වැඩසටහන් කරනවා.පොදුවේ මේ රාජ්‍ය නොවන සංවිධාන වලින් ඉටුකරන සේවය අගය කරනවා.ළමා ආරක්ෂක අධිකාරියට හා ක්‍රීඩාවේ නියුතු ළමයින්ට ඔබලා මේ දිස්ත්‍රික්කයේදී උදව් කිරීමට නටයුතු කරන්න.අලුත් අලුත් ව්‍යාපෘති සදහා වාර්තා සකස් කරන්න.එහිදී මූල්‍ය විනය ආරක්ෂාවන පරිදි කටයුතු කළයුතු වෙනවා.දැන් ජනාධිපති අරමුදලින් ජනතාවගේ විවිධ රෝගිබාධ සදහා ආදාර ලබා දිම සිදු කරනවා.මේ ගැන බොහෝ ජනතාව දක්නේ නැහැ.ඒ නිසා ඔබලාගේ රැස්වීම් වලදී ජනතාව මේ පිළිබද දැනුවත් කරන්න.මේ දිනවල රටේ ඩෙංගු ව්‍යාප්තියක් සිදු වෙනවා.ඒවා මර්ධනය කිරීමට මේ සංවිධාන උදව් කරන්න.ආපදාවලදී ඔබලාගේ සහාය ලබාදීම වැදගත්."යැයි පැවසීය.
මෙම අවස්ථාව සදහා දිස්ත්‍රික් ක්‍රමසම්පාදන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සජීවා කුමුදුනී,දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ නිලධාරී කේ.ජී.නිරෝෂා දමයන්ති යන මහත්මීන්ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් හා රාජ්‍ය නොවන සංවිධාන නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට )

726321549 2238404866973270 6122525701649472004 n  725733716 2851277288542233 2786087791082420673 n

726516920 1244558100964654 1202417351153383829 n  727179217 4575486392726202 625361419414305280 n