දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 2025 වසරේදි 49 වන ජාතික මහා ක්‍රිඩා උළෙල නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සපත්තු සහ ඇදුම් දීමනාවන් පිරිනැමීම පසුගියදා මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී සිදු කෙරිණි.
හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති සහ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.
මෙදින රුපියල් ලක්ෂ පහලොවක (ලක්ෂ 15) මුදලක් බෙදා දුන් අතර එක් අයෙකුට රුපියල් විසිපන්දහසක (25000/-) මුදලක් හිමිවිය.
මෙම අවස්ථාව සදහා දකුණු පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂිකා සකුන්තලා මධුවන්ති මහත්මිය,හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී ටෙනිසන් අබේගුණරත්න මහතා ඇතුළු ක්‍රීඩා නිලධාරීන්,ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් එක්විය.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට )