හම්බන්තොට දිස්ත්‍රික් විගණන හා කළමනාකරණ කමිටුව රැස්වෙයි මූල්‍ය විනය පවත්වාගෙන යාමට තීන්දු තීරණ රැසක්
--------------------------------------------------------------------------
හම්බන්තොට දිස්ත්‍රික් විගණන හා කළමණාකරණ කමිටු රැස්වීම, කමිටුවේ සභාපති හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් / දිසාපති බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ අද (19) දින පැවැත්විණි.
මෙහි දී පසුගිය විගණන කළමණාකරණ කමිටු රැස්වීමේ දී සාකච්ඡා කරන ලද කරුණුවල ප්‍රගතිය, අභ්‍යන්තර විගණන කටයුතු පසුවිපරම, විගණකාධිපති විගණන විමසුම් පසු විපරම, නව විගණන විමසුම් හා අභ්‍යන්තර විගණන උපදෙස් වාර්තා පිළිබඳව සාකච්ඡා කෙරිණි.
ප්‍රදේශයට ගැලපෙන බව, අවශ්‍ය සංවර්ධන ඉලක්ක කරා යා හැකි බව, ප්‍රමාණවත් අධීක්ෂණය හා පසුවිපරම ආදිය පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වඩා වැදගත් බව මෙහි දී අවධාරණය කරන ලදි. එමෙන් ම ප්‍රසම්පාදන සංග්‍රහයට අනුව ප්‍රසම්පාදන කටයුතු නිසි පරිදි ඉටු කිරීම අත්‍යවශ්‍ය බවත්, මූල්‍ය කළමනාකරණයේ දුර්වලතා අවමකර ගනිමින් යහපත් මූල්‍ය කළමනාකරණයක් පවත්වාගත යුතු බවත් අවධාරණය කෙරිණි.
මේ අවස්ථාවට හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් චන්දන රත්නායක මහතා, සහකාර විගණකාධිපති එම්.වී.ජී.ලක්මාලි මහත්මිය, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක එස්.එන්.ඒ.ආර්.සුබසිංහ මහතා (සූම් තාක්ෂණය ඔස්සේ), ප්‍රධාන ගණකාධිකාරි ජානක මහතා, විගණන අධිකාරී ඒ.ආර්.වික්‍රමනායක මහතා, ප්‍රධාන අභ්‍යන්තර විගණක ජානකී කොඩිකාර මහත්මිය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරු, ගණකාධිකාරීවරු ඇතුළු හම්බන්තොට දිස්ත්‍රික් විගණන හා කළමනාකරණ කමිටුව නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය අභ්‍යන්තර විගණන අංශය විසින් රැස්වීම සංවිධානය කරන ලදි.

490173269 1138885864918959 4891344067818805774 n  490408805 1138885934918952 5139779580864818407 n 

490171444 1138885788252300 4128005538980376486 n  489925526 1138885994918946 6453332959029489498 n