හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම පිළිබදව අධීක්ෂණ සහකාර තේරීම්භාර නිලධාරීන් හා සහායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024.10.29 දින සවස පැවැත්විණි.
මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් හා තේරීම්භාර නිලධාරී බිමල් ඉන්ද්‍රජිත්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරී ජානක අමරත්න,සහකාර මැතිවරණ කොමසාරිස් වී.ඩී.ජේ.ලක්මාල් යන මහත්වරුන් සහභාගී විය.
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඔක්තෝබර් 30, නොවැම්බර් 01,හා 04 යන දින වලදී පැවැත්වේ.ඔක්තෝබර්30 සහ නොවැම්බර් 04 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,මැතිවරණ කාර්යාලය,පොලිස් ස්ථාන හා පොලිස් කාර්යාල,විශේෂ කාර්ය බලකා කදවුරු වලද අනෙකුත් සියළු රාජ්‍ය ආයතන වල නොවැම්බර් 01 සහ 04 යන දින වලදි සිදු කිරීමට කටයුතු යොදා ඇත.
දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන 221 කි.මෙහි සහතික කිරීමේ නිලධාරීන් 241 ක් යෙදවීමට කටයුතු කර ඇත. නිරීක්ෂණ කටයුතු සදහා සහකාර තේරීම්භාර නිලධාරීන් 40ක් සහ අධීක්ෂණ සහායක නිලධාරීන් 78ක් යොදවා ඇත.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )

486607755 972805648349425 8028987603017726262 n  487172245 972805698349420 9084302470510480203 n

486449426 972805671682756 5358740280136296220 n  485903415 972805615016095 899911468892457608 n