හම්බන්තොට නව දිස්ත්‍රික් ලේකම් ලෙස බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා සෙත් පිරිත් ආශිර්වාද මැද අද 2024.10.17 දින පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් රාජකාරි ආරම්භ කෙරිණි.
ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලෙන් අධ්‍යාපනය ලබා රුහුණු විශ්ව විද්‍යාලයට ඇතුලත්ව විද්‍යාවේදී උපාධියක් ලබා ගන්නා මෙතුමා කැළණිය විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබද පශ්චාත් උපාධිය ලැබීය.ගුරුවරයෙකු ලෙස රාජ්‍ය සේවයට එක්වෙන බිමල් මහතා සූරියවැව හ/වීරියගම විදුහලෙන් රාජකාරි ආරම්භ කෙරිණි.


එලෙස කටයුතු කරමින් සිටින විට 1998 දි රාජ්‍ය පරිපාලන සේවයට එක්ව එහි පුහුණුව නිම කරන එතුමා හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ සහකාර කොමසාරිස් ලෙස පත්වීම් ලැබීය.පසුව මාතර මැතිවරණ කාර්යාලයේ ජේෂ්ඨ සහකාර කොමසාරිස් ලෙසත් ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ලෙසත් කටයුතු කළේය.එහිදි රාජ්‍ය පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියට පත්වෙන බිමල් ඉන්ද්‍රජිත් මහතා කොළඹ දිස්ත්‍රික්කයේ අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා ලෙස රාජකාරි සිදුකර 2014 වසරේදී දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් තනතුරට පත්විය.අනතුරුව දකුණු පළාත් ක්‍රීඩා යෞවන කටයුතු සංස්කෘතික හා කලා කටයුතු , කාන්තා කටයුතු,නිවාස හා ඉදිකිරීම්,ගෘහ ආර්ථික ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්ව අද නව තනතුරේ වැඩභාර ගන්නා තෙක්ම එහි රාජකාරි කෙරිණි.


නව දිස්ත්‍රික් ලේකම්තුමා වැඩ භාර ගැනීමේ අවස්ථාව සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් ම් (පාලන) එම්.කේ.ඒ.අංජලා අමාලි, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චන්දන රත්නායක,ප්‍රධාන ගණකාධිකාරී ජානක අමරත්න,දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂිකා ශාන්ති අලුත්ගේ,වැඩබලන සහකාර දිස්ත්‍රික් ලේකම් හා හම්බන්තොට සහකාර ප්‍රාදේශිය ලේකම් ඩී.එන්.ඉන්දික,සහකාර මැතිවරණ කොමසාරිස් වී.ඩී.ජේ.ලක්මාල්, පරිපාලන නිලධාරී ඩබ්ලිව්. ඩබ්ලිව්.ඒ.වී.නිරෝෂන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )

462840614 860900269539964 2855494928248984125 n  463192817 860900296206628 6053520886846706513 n

463241349 860899752873349 3741669531913189669 n  463338338 860900019539989 6974540728007723098 n

463751110 860899906206667 906640911047501164 n