හම්බන්තොට දිස්ත්‍රික්කය සදහා 2024 වසරේ නවක ග්‍රාම නිලධාරීන් 69 දෙනෙකු බඳවාගෙන ඇත.
ඔවුන් සදහා මාස තුනක සේවාරම්භක පුහුණු වැඩසටහනක් 10වන දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී ආරම්භ කෙරිණි. දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව පුහුණු කටයුතු සංවිධානය කර තිබුණි.
මෙහිදී පළමු සති තුන තුල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පුහුණුව ලබා දෙයි. ඉතිරි කාලසිමාව තුල එම ග්‍රාම නිලධාරී පිරිසට පුහුණුව ලබාදෙන්නේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින්ය. ඒ අනුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12 දී පුහුණුව ලබා දීමට සැලසුම් කර ඇත. ඉන් පසුව ග්‍රාම නිලධාරී වසම් මට්ටමින්ද පුහුණුව ලබා දීමට ද නියමිතය.
අද සමාරම්භක වැඩසටහන සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් ම් (පාලන) එම්.කේ.ඒ.අංජලා අමාලි, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චන්දන රත්නායක, පරිපාලන නිලධාරී ඩබ්ලිව්. ඩබ්ලිව්.ඒ.වී.නිරෝෂන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්වූ අතර මෙදින පුහුණු සැසි දිස්ත්‍රික් ලේකම් තුමා අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමිය (පාලන) ඇතුළු කිහිප දෙනෙකු විසින් සිදු කෙරිණි.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )











