මාගම්පුර සූර්ය මංගල්‍යය - 2024

මාගම්පුර සූර්ය මංගල්‍යය අප්‍රේල් 14 දින දවස පුරාම තිස්සමහාරාම වීරවිල NLDB ගොවිපොළ භූමියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
දෙරණ මාධ්‍ය ජාලය,කෘෂි කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,ගුවන් හමුදාව ඇතුව රාජ්‍ය ආයතන රැසක් එක්ව සංවිධානය කරනු ලබන මෙහි සම්පූර්ණ මාධ්‍ය අනුග්‍රහය TV දෙරණ සිදු කරනු ලබයි.
මෙහි සංවිධාන කටයුතු හා ඉදිරි සැලසුම් පිළිබද විශේෂ සාකච්ඡාවක් කෘෂි කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී 2024.03.07 දින පැවැත්විණි.
අප්‍රේල් 14 දින උදේ 6.30ට ගම හරහා දිවීමේ තරගයෙන් ආරම්භ වන මෙහි කාන්තා පිරිමි පා පැදි තරග,කඹ ඇදීම,කොට්ටා පොරය,ලිස්සන ගහේ යෑම,කණා මුට්ටිය බිදීම,බාදක දිවීම,රබන් ගැසීම,පිහිනුම් තරග,තේ යාරය,ඔරු පැදීම,ගෝනි රේස්,බනිස් කැම,අලියාට ඇස තැබීම,මාගම්පුර අවුරුදු කුමරිය තේරීම ඇතුළු තරග රැසක් පැවැත්වීමට කටයුතු සකස් කර ඇති බව සංවිධායක මණ්ඩලය මෙහිදී පැවසීය.
පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත්වෙන මෙම සූර්ය මංගල්‍ය සදහා පුද්ගලික ආයතනද අනුග්‍රහය දක්වන බවත් මෙහි පැවැත්වෙන තරග සදහා අයදුම් පත්‍ර ඉදිරිපත් කිරීමට දැන් අවස්ථාව උදා කර දී ඇති බැවින් තිස්සමහාරාම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයෙන් එම අයදුම් පත් ලබා ගන්නා ලෙස තරග සදහා ඉදිරිපත් වෙන අයගෙන් ඉල්ලා සිටින බව ඇමති මහින්ද අමරවීර මහතා මෙහිදී සදහන් කළේය.
එදින(14) මහා සංගීත රාත්‍රියක් පැවැත්වෙන අතර දෙරණ Dream star ජයග්‍රාකයින් සහ ජනකාන්ත ගායක ගායිකාවන් රැසක් සහභාගිවීමට නියමිතය.සහභාගිවන සැමට අත පිරෙන්න හිත පිරෙන්න වටිනා ත්‍යාග, සහතිකපත්ද ලබා දීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර ඇත.
මෙම සාකච්ඡාව සදහා දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර,අතිරේක දිස්ත්‍රික් ලේකම් හා තිස්සමහාරාම වැඩ බලන ප්‍රාදේශීය ලේකම් චන්දන රත්නායක,ලුණුගම්වෙහෙර සහකාර ප්‍රාදේශීය ලේකම් ඉරේෂා චතුරංගනී ගමගේ, දෙරණ මාධ්‍ය ආයතනයේ සාමාන්‍යාධිකාරී සමන් රත්නායක,වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ,මහින්ද අමරවීර අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් එච්.කේ.තිලක රත්න යන මහත්ම මහත්මීන් ද පොලීසිය ආරක්ෂක අංශ,දෙරණ මාධ්‍ය ජාලයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගිවිය.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද්)

431071156 722112740085385 6627225043740477568 n 431095342 722112963418696 673417095674818063 n

431059903 722112886752037 1342431257350477749 n 431172783 722114006751925 1001401029862833208 n