2024 වසරේ හම්බන්තොට දිස්ත්‍රික් පලමු කෘෂි කර්ම කමිටු රැස්වීම 2024.01.30 .....

2024 වසරේ හම්බන්තොට දිස්ත්‍රික් පලමු කෘෂි කර්ම කමිටු රැස්වීම 2024.01.30 දින දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.
ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් බොහෝ පිරිසක් මේ සදහා සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය.
මෙහිදී අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්තුමා මෙසේ පැවසීය.“කෘෂි කර්ම කමිටුවේ සාකච්ඡා වෙන විශේෂ කරුණු පිලිබදව අවධානය යොමු කරමින් ඒවා අදාල ආයතන වෙත දැනුම් දී පසු විපරම් කිරීමට අදාළ ආයතන පියවර ගත යුතුයි.අපි නව්‍යකරණය ගැන කතා කරනවා නමුත් තවම පරණ ක්‍රමයටම තමයි වගා කටයුතු සිදු කරන්නේ.වාර්තා හදනවා ඒවා ලිපිගොනු වලට පමණක් සිමා වෙනවා.අපේ වැඩි මිලක් යන්නේ බීජ නිෂ්පාදනය සදහා ඒ බීජත් රටින් ගේනවා.නියාමනය කරන්න හොද වැඩසටහනක් කෘෂි කර්මයෙන් සකස් කරන්න. හොද බීජ ටිකක් මිනිසුන්ට ගෙනවිත් දෙන්න.හොද අස්වැන්නක් තියෙනවා නම් මිලක් තියෙනවා නම් ගොවීන් වගා කරනවා.රජය කළයුත්තේ නියාමනයයි.” පෙන්වා දුණි.
කෘෂි රසායනික ද්‍රව්‍ය විකිනීමේදි මින් ඉදිරියට බලපත්‍ර ලාභියා පැය 200 පුහුණුව සම්පූර්ණ කර තිබිය යුතු බවත් පුහුණු සහතිකය සමග අදාල බලපත්‍ර ලාභියාගේ ඡායා රූපයද සමග සහතිකය වෙළද සැලේ ප්‍රදර්ශනය කළ යුතු බවත් ව්‍යාපාර නාම ලියා පදිංචිය සිදු කිරීමේ දි මේ පිළිබදව අවධානය යොමු කර කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුණි.
ගොවීන් විසින් බීජ ලබා ගතයුතු ස්ථාන,තෙල් හා පොහොර ලබා ගතයුතු ස්ථාන,එහිදි අනුගමනය කළයුතු ක්‍රමවේද ඇතුලත් මගපෙන්වීමේ වැඩ සටහනක් සකස් කරන ලෙසත් එය ඊලග කෘෂි කර්ම කමිටුවට පෙර ඉදිරිපත් කරන ලෙසත් කෘෂි කර්ම අංශයට උපදෙස් ලබා දුන්නේය.
තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන,2023/24 මහ කන්නයේ වගා ඉලක්ක,දේශගුණ සුහුරු ව්‍යාපෘති වැඩසටහන, වාරි මාර්ග,ගොවිජන සේවා,අපනයන කෘෂි බෝග වැඩසටහන්,පොල් වගාව,සත්ව පාලනය හා තෘණ භූමි,කෘෂි රක්ෂණ,තල් වගාව,වැලිගත්ත කෘෂි තාක්ෂණ ආයතනය,වී මිල දී ගැනීම,ජල ජීවී වගා කටයුතු,වන සංරක්ෂණ,වන ජීවී කටයුතු,ඉඩම්, පරිසර,ඇතුළු වැඩ සටහන් රාශියක කටයුතු පිළිබදව මෙම කමිටුවේදි සාකච්ඡා කෙරිණි.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )

1

2