හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රිකට් කණ්ඩායම සදහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ ප්‍රධානය

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රිකට් කණ්ඩායම සදහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ ප්‍රධානය කිරීමක් 2023.05.11 දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී සිදු කෙරිණි.
අදාළ උපකරණ දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතා වෙත ප්‍රධානය කිරීම දිස්ත්‍රික් ලේකම් නිල කාමරයේ දී සිදු විය.ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික දිනිත් අබේදීර මහතාගේ ඉල්ලීමකට අනුව සවුත් ඒෂියා ඇපරල් ආයතනයේ කළමනාකාර නිරෝෂන් නානායක්කාර මහතා විසින් මෙම පරිත්‍යාගය සිදු කළේය.

මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.පී.ජී.සුමිත් ශාන්ත, පරිපාලන නිලධාරී ඩබ්ලිව්. ඩබ්ලිව්.ඒ.වී.නිරෝෂන් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්විය.

 

( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )

 

345626082 1049696509748321 9157808854703399619 n346628701 1624011268079838 5640794609804845894 n346666107 1285437122353547 6672079437651111149 n345631915 1294421261489980 446186519831561564 n