කාෂිකර්ම අමාත්‍යාංශය සහ වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශයේ 2023 වසරේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අදාළ සංවර්ධන කටයුතු හා සේවාවන් පිළිබඳ විශේෂ සාකච්ඡාව

කාෂිකර්ම අමාත්‍යාංශය සහ වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශයේ 2023 වසරේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අදාළ සංවර්ධන කටයුතු හා සේවාවන් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් 2022 දෙසැම්බර් මස 12 වන දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ දී කෘෂිකර්ම වනජීවී වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාගේ, ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කෘෂිකර්මාන්තය ප්‍රමුඛ ඉදිරි කටයුතු බලාත්මක කිරීමට ගතහැකි ක්‍රමවේදයන් මොනවාද යන්නත්, සහල්, බඩඉරිගු ඇතුලු අතිරේක බෝග විශාල ප්‍රමාණයක් ආනයනය කරන අතර ඒවාට විසඳුමක් ලෙස රටට අවශ්‍ය ආහාර රට තුලට නිෂ්පාදන කරගැනීමත් ගොවියන් ගොවි බිම්වලට යොමු කරන්නේ කෙසේද යත් පිළිබඳව අවධානය යොමු කරලීම තම අමාත්‍යාංශයේ මූලික අරමුණ බව මහින්ද අමරවීර අමාත්‍යතුමාගේ අදහස විය.

එමෙන්ම පොහොර බෙදා දිමේ වැඩපිළිවෙල කෙසේ ක්‍රියාත්මක වනවාද ඒවායේ ගැටලු මොනවාද යන්නත් එහිදී අමාත්‍යතුමාගේ අවධානයට යොමු විය. හෙක්ටයාර් එකකට යූරියා කිලෝග්‍රෑම් 157½ කුත් ඊට සමගාමිව බන්ඩි පොහොර හා කාබනික පොහොර මිලදී ගැනීමට රු. 20000/- ක මුදලක් ලබාදීමට යෝජිත බව තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවිජන මධ්‍යස්ථාන 11 ක පොහොර බෙදා දීමට අවශ්‍ය සම්පූර්ණ පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1347 ක ප්‍රමාණය මේ වනවිටත් නිකුත් කරමින් සිටින බව පොහොර සමාගමේ සභාපති ප්‍රකාශ කර සිටී. එයින් 60% ප්‍රමාණයක් ලංකා පොහොර සමාගමෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට මේ වන විටත් මුදාහැර ඇති බව පවසයි.

අප විශේෂයෙන්ම අපනයන බෝග හා අපනයන ජ්‍යාතන්තර වෙළඳපොල වෙත සරිලන ලෙස නිෂ්පාදනය කරන්නේ නම්, එයින් විශාල විදේශ ආයෝජන ලබා ගත හැකි බව චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේය.

මීට අමතරව සත්ව පාලනය වනජීවි හා වනසංරක්ෂක ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳවත්, අමාත්‍යතුමාගේ අවධානය යොමුකල අතර, ඒවාට අවශ්‍ය විසඳුම් වඩාත් ඉක්මණින් සොයා බලන ලෙස අමාත්‍යාංශ නිලධාරීන් ගේ අවධානය යොමු කලේය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ගුණදාස සමරසිංහ, හම්බන්තොට, දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර,යන මහත්වරුද කාෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල්තුමා, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාලනී මහත්මිය, ගොවිජන සංවර්ධන කොමසාරිස්තුමා, අතිරේක දිස්ත්‍රික් ලේකම් සුමිත් ශාන්ත මහතා , ලංකා පොහොර සමාගමේ සභාපතිතුමා, කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපතිතුමා, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකතුමාත්, ගොවිජන වනජීවි වනසංරක්ෂණ, වාරිමාර්ග, ධිවර සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තු, මහවැලි අධිකාරියට අයත් රාජ්‍ය ආයතනවල විධායක හා මාණ්ඩලික නිලධාරින් ඇතුලුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්තුමන්ලා හා ලේකම්තුමියන්ලා සහ ගොවි සංවිධාන නියෝජිතයන්ද සහභාගි විය.

( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.පී.ජනක ප්‍රසාද් )

319637624 1307587616729673 7310527840460059914 n  319817674 1523852088111325 7295846574353484752 n

319557950 861192618247005 5367701033088105198 n  320165555 893566701818119 384271813659540832 n