හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) තනතුර සදහා ඩබ්ලිව්.සී.එස්.කේ.රත්නායක මහතා පත් කෙරේ

හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) තනතුර සදහා ඩබ්ලිව්.සී.එස්.කේ.රත්නායක මහතා පත් කර ඇත.2022.12.08 උදේ යෙදුණු සුභ මොහොතින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් ආශිර්වාද මැද රත්නායක මහතා නව තනතුරෙහි වැඩ භාර ගැනීම සිදුවිය.

ඒ මහතා හම්බන්තොට ඉපිද ශාන්ත මේරී ජාතික පාසලින් මූලික සහ උසස් අධ්‍යාපනය ලැබීය.අනතුරුව රුහුණු විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලැබ 2015 දී එම විශ්ව විද්‍යාලයෙන්ම ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය.රාජ්‍ය පරිපාලනය හා කළමනාකරණය පිළිබඳව සහ කාර්යාල කළමනාකරණය පිළිබඳව ඩිප්ලෝමාවන් ලබා ඇති රත්නායක මහතා කළමනාකරණ සහකාර නිලධාරීයෙක් ලෙස රාජ්‍ය සේවයට එක්විය.

ඒ අනුව ලුණුගම්වෙහෙර,හම්බන්තොට, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවය කෙරිණි. පසුව තණමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී ලෙස පත්වීම් ලැබ රාජකාරි කටයුතු කෙරිණි.

පරිපාලන සේවා විභාගය සමත් වන ඒ මහතා දෙබරවැව ඉඩම් කොමසාරිස් කාර්යාලයේ සහකාර කොමසාරිස් ලෙස රාජකාරි ආරම්භ කළේය.පසුව වැල්ලවාය සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙසත් අනතුරුව ප්‍රාදේශීය ලේකම් ලෙසත් රාජකාරි සිදු කෙරිණි.

මෙදින නව තනතුරේ වැඩ භාර ගැනීමේ අවස්ථාව සදහා දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.පී.ජී.සුමිත් ශාන්ත,ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්විය.

( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )

319272506 461342576162404 3442050237559768995 n  319292755 461342866162375 3336197060031206162 n

319289163 461343122829016 4803230137586384169 n  319313227 461342932829035 4590814225144277250 n