හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බඳගිරිය පිහිටි යොවුන් සංවර්ධන අධ්‍යාපන නිකේතනය හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පසුගියදා දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

මෙම මධ්‍යස්ථානය 2006 වර්ෂයේදී නෙදර්ලන්ත ආධාර යටතේ ඉදිකරන ලදී. එකල මෙම ආයතනය ඉදිකිරීමේදී මූලික අරමුණ වූයේ සුනාමියෙන් විපතට පත් දකුණු පළාතේ ධීවර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහල නැංවීම හා එම පවුල්වල තරුණ තරුණියන්ගේ වෘත්තීය පුහුණු හැකියාව වර්ධනය කිරීමයි. 2016 වසරේදී මෙහි වැඩකටයුතු නතර විය. මෙහි දැනට වැඩකටයුතු සිදු වන්නේ නැතිව අභාවයට යන නිසාත් මෙහි තිබෙන සම්පත් විනාශවන බැවින් ගමේ සිවිල් සංවිධාන හා ජනතාව මේ පිළිබදව දිස්ත්‍රික් ලේකම්තුමාගේ සහ ප්‍රාදේශීය ලේකම්තුමියගේ අවධානයට ලක් කෙරිණි.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම්තුමා එම ආයතනය නිරීක්ෂණය කර සිවිල් සංවිධාන සහ ගමේ නියෝජිතයින් සමග සාකච්ඡා කර ඉදිරි කටයුතු කරගෙන යෑම සදහා ජලජීවී වගා සංවර්ධන අධිකාරියට පැවරීමට තිරණය කෙරිණි. ඒ අනුව එම අධිකාරිය විසින් අභ්‍යන්තර විගණනයක් සිදු කර පොකුණු පද්ධතියේ මසුන් වගා කිරීම, නිවාඩු නිකේතනයක් පවත්වා ගෙන යෑම, දැනට පවතින පුස්තකාලය පවත්වා ගෙන යෑම සදහා කටයුතු කිරීම, ඇතුළුව මහජන යහපත සදහා ජනතා ඉල්ලීම පරිදි තවත් සේවාවන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා විය. මෙම සේවාවන් තම්මැන්නාව, බඳගිරිය, ජූල්ගමුව, යහන්ගල නැගෙනහිර සහ යහන්ගල බටහිර යන වසම්වල ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි කටයුතු සිදු කිරීමට තීරණය විය.

මෙම අවස්ථාව සදහා ප්‍රාදේශීය ලේකම් කෞශල්‍යා ගලප්පත්ති, ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් ව්‍යාප්ත නිලධාරී ගයාන් චන්ද්‍රරත්න, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ නිලධාරී පුෂ්ප කුමාර බණ්ඩාර යන මහත්වරුද ග්‍රාම නිලධාරීතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ ගම්වැසියන් පිරිසක්ද එක්විය.

මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) ජේ.එච් එස්.ජයමහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කේ.පී.ජී.සුමිත් ශාන්ත යන මහත්වරුන් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කෞශල්‍යා ගලප්පත්ති මහත්මිය සහ මාණ්ඩලික නිලධාරී සංසදයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් එක්විය.

306603450 1014156745920712 8356245529980229584 n   306630991 1014156669254053 6681182808453557237 n 

 306672625 1014156605920726 8937633850372955114 n   306851983 1014157232587330 2333797616784541723 n