හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් සමථ මූල මණ්ඩලය සදහා සාමාජිකයින් නිර්දේශ කිරීම සදහා පවත්වනු ලබන පුහුණු වැඩසටහන 2022.08.22 සිට 27 දක්වා දින හයක්( 06) පුරා මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.

අධිකරණ අමාත්‍යාංශයේ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ මෙහෙයවීමෙන් හා මගපෙන්වීමේන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් සමථ පුහුණු අංශය විසින් මෙය සංවිධානය කෙරිණි.

මෙම පුහුණු වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සදහා හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.එච් එස්.ජයමහ මහතා එක්විය.‍

මෙම වැඩසටහනට දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි පුහුණුලාභීන් (32) තිස්දෙදෙනෙකු තෝරාගෙන තිබිණි. සමථකරණ දක්ෂතා හා උපක්‍රම යටතේ ආරවුල් විසදීම සදහා විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙස සමථකරණය, එහි මූලධර්ම, ගැටුම, සාකච්ඡාව, සමථකරණය සදහා සන්නිවේදනය, සමථකරණ පියවර, සමථ මණ්ඩල පනත, ඇතුළු විෂයන් රාශියක් යටතේ න්‍යායාත්මක සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද සහිතව දින හය පුරා වැඩසටහන පැවැත්විණි.

මෙහි ප්‍රධාන පුහුණුකරු ලෙස හම්බන්තොට දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී ඊ.ඩබ්ලිව්.චන්ද්‍රසිරි මහතා කටයුතු කළේය. ඔහුට අමතරව මාතර දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී යූ. ජී. ආර්. ඩයස් මහත්මියද කළුතර දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී යූ. ජී. එච්. ටී. කාරියවසම් මහත්මියද සම්පත්දායකත්වය ලබාදීමට කටයුතු කළහ.

123   1234 

12345   123456