හම්බන්තොට දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය මගින් තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වෙළද සැල් කිහිපයක් 2022.08.15 දින විශේෂ පරීක්ෂාවකට ලක් කෙරිණි.
පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිලි අනුව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව වෙළද සැල් වැටලීම සිදුවිය.
මෙහිදී ගෘහස්ථ ගැස් වැඩි මිලට විකිණීම, කල් ඉකුත් භාණ්ඩ විකිණීම, සටහන් කරන ලද මිළ කපා හැර වල් නාශක විකිණීම සිදු කර තිබුණි. එලෙස වැරදි සිදු කළ පුද්ගලයින් හට නීතිමය පියවර ගැනීමට කටයුතු සිදු කෙරිණි.
මෙම වැටලීම සදහා පාරිභෝගික අධිකාරියේ දිස්ත්‍රික් ප්‍රධානී ආර්. පි. ලක්ෂ්මන්, විමර්ශන නිලධාරින් වන ඩී.ඩී.එල්. ද සිල්වා,එම්.එම්.එම්. ෆස්මිර්, එම්.එම්.එම්.රම්සින්, ඩබ්ලිව්. එ්.කේ. එස්. සන්ජිව, කේ.එ්.එල්.එම්.රත්නායක, ජේ.පි.එස්.ලක්මලි යන මහත්ම මහත්මීන් සහභාගි විය.






