දැනට පවතින ඉන්ධන අර්බුදය හමුවේ වාහන භාවිතා කරනු ලබන සියළු ජනතාවට ඉන්ධන ලබා ගැනීමට හැකිවන පරිදි ජාතික වැඩ සටහනක් රජය මගින් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. එම ජාතික ඉන්ධන බලපත්‍රය(QR) මගින් ඉන්ධන නිකුත් කිරිමේ නියමු ව්‍යාපෘතියක් හම්බන්තොට දිස්ත්‍රික්කයේද 2022.07.23 දින ක්‍රියාත්මක කෙරිණි.
දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ උපදෙස් හා මගපෙන්වීම පරිදි එම වැඩසටහන තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රන්න රන්මුතු එන්ටර්ප්‍රයිසස් ඉන්ධන පිරවුම්හලේදී සිදු කෙරිණි.
පළමුව පිරවුම්හලේ සේවය කරනු ලබන සේවක මහතුන් වෙත ජාතික ඉන්ධන බලපත්‍රය(QR) මගින් ඉන්ධන නිකුත් කිරීම පිලිබදව පුහුණුවක් ලබා දිම සිදු කෙරිණි. මෙදිනට නියමිතව තිබූ වාහන අංකය වන 0,1,2 යන අංක හිමි වාහන සදහා ඉන්ධන නිකුත් කළ අතර එම වාහන හිමියන්ට මෙම (QR) මෘදුකාංගය හරහා ඉන්ධන නිකුත් කිරීම සිදුවිය.
මෙම ස්ථානයට පැමිණි පිරිස් QR කේතය තම ජංගම දුරකථනයේ තබා ගනිමින්ද තවත් අය එය මුද්‍රණය කොට තබා ගනිමින් සහ තම වාහනයට සවි කරගනිමින් යන ක්‍රමවේද තුන භාවිතා කරමින් ඉන්ධන ලබා ගැනිමට පැමිණි අතර එහිදි ඉන්ධන පිරවුම් හලේ සිටිනා සේවක මහත්වරුන් අත ඇති ජංගම දුරකථනයේ පවතින ජංගම දුරකථන යෙදවුම (app) ඔස්සේ එම QR කේතය කියවිම සිදුවිය.
එම QR කේතයට ඇතුලත් නොවි සිටි පිරිස් සදහා තරුණසේවා සභාව මගින් මෙහිදි ලියා පදිංචිකර QR කේතය ලබා දිම සිදු කිරීමටද කටයුතු කෙරිණි.
මෙම අවස්ථාව සදහා තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකරණසේවා නිලධාරී විජයානන්ද රඹුක්කන,තරුණසේවා නිලධාරී ටී.ජී.එම්.තරංග,දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තොරතුරු තාක්ෂණ සහකාර වී.පී.එස්.චතුරංග යන මහත්වරුද, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ නිලධාරීන්, ගාල්ල සිපෙට්කෝ ආයතනයේ නිලධාරීන්, තංගල්ල තරුණසේවා සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්විය.







