එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා ආධාර ලබා දීමේ වැඩසටහන
ශ්රී ලංකාවේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා ආධාර ලබා දීමේ වැඩසටහනක් ක්රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරමින් සිටියි.ඒ පිළිබදව කරුණු සොයා බැලිම සදහා එම සංවිධානයේ ලෝක ආහාර සහ කෘෂිකර්ම කටයුතු පිළිබද නියෝජිත පිරිසක් මේ දිනවල ලංකාවේ සියළු දිස්ත්රික්කවල සංචාරය කරමින් පසුගිය කාලයේදී ලංකාවේ කෘෂිකර්ම කටයුතු හා වර්තමානයේ ඇතිවී තිබෙන තත්වය මත කෘෂිකර්ම කටයුතු සිදුවන ආකාරය පිළිබදව කරුණු සොයා බලමින් සිටිති.
එම නියෝජිත පිරිස 2022.07.08 දින හම්බන්තොට දිස්ත්රික්කයේද සංචාරය කෙරිණි.මෙය කෘෂිකර්ම අමාත්යාංශය විසින් සම්බන්ධීකරණය කළේය. හම්බන්තොට දිස්ත්රික්කයේ කෘෂිකර්ම අංශයට සම්බන්ධ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාව දිස්ත්රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ ප්රධානත්වයෙන් අම්බලන්තොට ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවනාගාරයේදී පැවැත්විණි.
ඒ සදහා දිස්ත්රික් කෘෂිකර්ම අධ්යක්ෂ හේමන්ත අමරසිංහ,එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්ලෝස් එස්ටවේස්, ලෝක ආහාර සහ කෘෂිකර්ම වැඩසටහනේ ජී. විග්නේශ්, කෘෂිකර්ම අමාත්යාංශයේ නියෝජිත සිසිර ඒකනායක,හම්බන්තොට අන්තර්පලාත් නියෝජ්ය කෘෂිකර්ම අධ්යක්ෂ වික්රම මුදලිගේ,යන මහත්වරුද දිස්ත්රික් සත්ව නිෂ්පාදන සෞඛ්ය කටයුතු,ගොවිජනසේවා කටයුතු,ජාතික ජලජීවී,ධීවර කටයුතු, ජාතික පොහොර ලේකම් කාර්යාලය,ඇතුළු අංශ රැසක නිලධාරීන් සාකච්ඡාවට එක්විය.
දැනට දිස්ත්රික්කයේ කෘෂිකර්ම කටයුතු සිදුවන ආකාරය යල කන්නයේ කෘෂිකර්ම කටයුතු බිත්තර නිෂ්පාදනය,කිරි නිෂ්පාදනය ඒවායේ මතුවී ඇති ගැටළු හා ඒවාට විසදුම් පිළිබදවද සාකච්ඡා විය.පසුව මාමඩල,නුගේවෙල,බැමිණියන්වෙල යන ප්රදේශ කිහිපයක ගොවිබිමි වෙත ගොස් එම ගොවීන් සමග සාකච්ඡා කරමින් ඵලදායිතා කෘෂිකර්මාන්තයක් සදහා වු යෝජනා හා අදහස් විමසීය.මෙහිදී වානිජ ගොවිතැන් සිදු කළ ගොවිජනතාව සුළුපරිමාණයට වැටී ඇති ආකාරය සහ අර්බුද රැසක් හමුවේ ගොවි කටයුතු අත්නොහැර කටයුතු කිරීම හා වානිජ වගාවට ගොස් අන් පිරිස් සදහාද සහාය දැක්වීමට දරනු ලබන උත්සාහය දැක ගන්නට ලැබුණි.














