හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම
නිරිතදිග මෝසම් වර්ෂාවට පෙර සූදානම් වීමේ හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම පසුගියදා දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.
මාර්ගගත ක්‍රමයට පැවැති මෙම රැස්වීම සදහා දිස්ත්‍රික්යේ ප්‍රාදේශීය ලේකම්වරුන්,පොලිස් ස්ථානාධිපතිවරුන්,පලාත් පාළන ආයතන නිලධාරීන් ඇතුළු පිරිසක් එක්විය.
හදිසි ආපදාවකදී කටයුතු කිරීම සදහා සැලකිය යුතු ප්රතිපාදනයක් වෙන් කර දෙන ලෙස රජයට යෝජනා කිරීමට කටයුතු කරන බව දිස්ත්‍රික් ලේකම්තුමා මෙහිසී පැවසීය.එම මුදල් ගංමෝය කැපීම,වැඩිපුර හිරවන බස්නාවල් පිරිසිදු කිරීම,දැව සංස්ථාවෙන් ඉවත් නොකරන ලස් ඉවත් කිරීම,ඇතුළු අත්‍ය අවශ්‍ය කටයුතු සදහා එකී මුදල් යොදා ගැනීමට නියමිත බවද එතුමා පෙන්වා දුණි.
හම්බන්තොට මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයක් ආරම්භ කර ඇති අතර ඒ අයට පුහුනුවක් ලබා දීම සදහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය ඉදිරිපත් විය.මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා නිරිතදිග මෝසම් තත්වයේ බලපෑම දිස්ත්‍රික්කයේ පවතින බව මෙහිදී අනාවරණය විය. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය මගින් මෙම රැස්වීම සංවිධානය කර කෙරිණි.










