“හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමය” -2022 ජාතික වැඩසටහන
“හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමය” -2022 ජාතික වැඩසටහනට සමගාමීව බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රධාන උත්සවය නායකවත්ත ග්‍රාම නිලධාරී වසමේ දි හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී. සුමණසේකර මහතාගේ පැවැත්විණි.
“අපේ ගෙවත්තෙන් පටන් ගමු” යන තේමාව යටතේ ඩබ්. පී. පියදාස මහතා ගේ නිවසේ පිහිටි ගෙවත්තේදී පෙ.ව.9.18 ට යෙදුණු සුභ මොහොතින් පැළ සිටුවමින් ගෙවත්තේ වැඩ ආරම්භ කිරීම පැමිණ සිටි අමුත්තන් විසින්ද සිදු කෙරිණි.
මෙහිදි තෝරා ගෙන ඇති ප්‍රතිලාභීන්ට බදුන් පැල තමන්ගේ ගෙවත්තේ වගා කිරීමට ලබා දිමද සිදුවිය.
මෙම අවස්ථාව සදහා දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් ගංගා රුවන්පතිරණ මහත්මිය,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා,සහකාර අධ්යක්ෂවරුන් සමෘද්ධි ව්‍යපෘති කළමනාකරු,ග්‍රාම නිලධාරී,සමෘද්ධි සංවර්ධන නිලධාරී, යන නිලධාරීන් ඇතුළු පිරිසක් හා ප්‍රතිලාභීන් පැමිණ සිටියහ.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )








