2022 මාර්තු මස හම්බන්තොට දිස්ත්රික් කෘෂි කර්ම කමිටුව

2022 මාර්තු මස හම්බන්තොට දිස්ත්රික් කෘෂි කර්ම කමිටුව 2022.03.24 දින දිස්ත්රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ ප්රධානත්වයෙන් මාගම් රුහුණුපුර පරිපාලනයේදී පැවැත්විණි.වර්තමානයේ ඇතිවී තිබෙන විවිධ ගැටළු මත මෙම කමිටුව මාර්ගගත ක්රමය ( zoom තාක්ෂණය ) ඔස්සේ මෙය පැවැත්විණි.
මෙහිදී දිස්ත්රික් ලේකම්තුමා කමිටු සාමාජිකයින් අමතමින් මෙසේ පැවසීය.“හරිත දැයක් ගොවි වැඩසටහන ඉතා වැදගත් ගෙවතු වලින් අස්වැන්න එනවා නම් නිවාසවලට හොද සහනයක් වෙනවා.රජයේ නිලධාරීන්ද තමන්ගේ ගෙවත්තේ වගා කරන්න.දැන් සංචරණය සීමා වෙලානේ තියෙන්නේ තමන්ගේ ඉඩ අනුව කෙටි කාලීන ආහාර පලතුරු අල වර්ග ධාන්ය වැනි දේ දීර්ඝ කාලීන බෝග ලෙස පොල්.අඹ,කොස් වැනි දේවල්ද වගා කරන්න.තමන් කාර්යාල වලත් පන්සල්,පාසල් වැනි ස්ථාන වලද මෙම වගා කටයුතු සිදු කරන්න.නැතිනම් පසු කාලයේදී දුක් වෙන්න වෙනවා.මේ දිස්ත්රික්කය කෘෂි කාර්මික දිස්ත්රික්කයක් වගා කටයුතු සිදු කිරීමට ඉඩ සහ අවස්ථාව තිබෙනවා.පොහොර භාවිතය සහ යෙදීම පිළිබදව ගොවි ජනතාව දැනුවත් කිරීමට අදාළ නිලධාරීන් කටයුතු කරන්න.ගොවීන් නිසි පරිදි දැනුවත් වී නැතිබවක් පේනවා. ”යැයි එතුමා පැවසිය.
මෙහිදී අදහස් දක්වමින් අතිරේක දිස්ත්රික් ලේකම් ජේ.එච්.එස්.පී.ජයමහ මහතා ප්රකාශ කර සිටියේ දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කරන ලෙසය.ඒ සදහා සත්ව නිෂ්පාදන අංශයේ අය මුල් වන ලෙසත් ඒ අය යටතේ සිටින නිළධාරීන් දැනුවත් කර වැඩපිලිවෙලක් සකස් කරන ලෙසය.මේ දිනවල පවතින කිරිපිටි හිගය නිසා දියර කිරි නිෂ්පාදනයට මුල් තැනක් ලබා දිමේ වැදගත් කමද එතුමා පෙන්වා දුණි.
වැලිගත්ත කෘෂි තාක්ෂණික විශ්ව විද්යාලය මගින් කාබනික පොහොර භාවිතය පිලිබදව සහතික පත්ර පාඨමාලාවක් ආරම්භ කර ඇති බවත් සාමාන්ය පෙළ සමත් ඕනෑම අයෙකුට සම්බන්ධවෙන්න හැකියාව තිබෙන අතර ඒ සදහා රුපියල් දසදහසක මුදලක් අය කරන බවත් ව්යවසායක මහතුන්ට මෙම පාඨමාලාව ඉතා වැදගත් වන බව එම ආයතනයේ ආචාර්ය සුජාතා අලහකෝන් මහත්මිය පැවසීය.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) කේ.පී.ජී.සුමිත් ශාන්ත, දිස්ත්රික් කෘෂිකර්ම අධ්යක්ෂ හේමන්ත අමරසිංහ, දිස්ත්රික් සමෘද්ධි අධ්යක්ෂිකා ශාන්ති අලුත්ගේ,යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්රසාද් )