ගිනි නිවාරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩ සටහන

ගිනි නිවාරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩ සටහනක් 2022.03.08 වන දින හම්බන්තොට බස් නැවතුම්පොළ ඉදිරිපිට පැවැත්විණි.
මෙය හම්බන්තොට දිස්ත්රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් හම්බන්තොට වෙළෙඳ සංගමයේ සාමාජිකයන් සඳහා පැවැත්විය.
මෙහිදී පැමිණි පිරිස වෙත ගිනි ඇති වන ආකාරය,ගිනි නිවීම හා ගිනි නිවීම සදහා භාවිතා කරනු ලබන උපකරණ,ගින්නක් ඇති වූවිට එයට මුහුණ දෙන ආකාරය ඇතුළු කරුණු රාශියක් පිළිබද ප්රා යෝගික ක්රියාකාරකම්ද සමග වැඩසටහන පැවැත් විය.
මෙම වැඩසටහනට සඳහා දිස්ත්රික් ආපදා සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ වින් කමාන්ඩර් ජේ.ඒ.ඒ.පී.ජයකොඩි මහතා ඇතුළු කාර්ය මණ්ඩලයත් ආපදා සහන සේවා නිලධාරී , හම්බන්තොට බටහිර ග්රාම නිලධාරී එම්.ඒ.පී.ගලප්පත්ති මහත්මිය සහ හම්බන්තොට වෙළෙඳ සංගමයේ නිලධාරීන් හා සාමාජිකයන්ද සහභාගිවිය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්රසාද් )