ඉන්දියාවේ 73 වන ජනරජ දින සැමරුම් උත්සවය

ඉන්දියාවේ 73 වන ජනරජ දින සැමරුම් උත්සවයක් 2022.01.26 දින පෙරවරුවේ හම්බන්තොට ඉන්දියානු කොන්සියුලර් ජනරාල් කාර්යාලයේදී පැවැත්විණි.
කොවිඩ් -19 ආරක්ෂන විධි විධාන දැඩි ලෙස පිළිපදිමින්, හම්බන්තොට ඉන්දීය කොන්සුල් ජනරාල් දීපින් පී.ආර් මහතා විසින් ජාතික කොඩිය එසවූ අතර අනතුරුවඉන්දීය ජාතික ගීය ගායනය කිරීමෙන් පසුව සැමරුම් වැඩසටහන ආරම්භ විය.පසුව කෙටි උත්සව සභාවක් පැවති අතර එහිදී ඉන්දීය අග්රාමත්ය නරේන්ද්ර මෝදි මැතිතුමා විසින් නිකුත් කරන ලද ජනරජ දින සුභ පැතුම් පණිවිඩය කොන්සියුලර් ජනරාල්තුමන් විසින් ඉදිරිපත් කෙරිණි.
මෙම අවස්ථාව සදහා හම්බන්තොට මහ නගර සභාවේ ගරු නියෝජ්ය පුරපති ගාමිණී ශ්රී ආනන්ද,එම මහ නගර සභාවේ ගරු විපක්ෂ නායක ඩී.ඒ.ගාමිණි, හම්බන්තොට දිස්ත්රික් ලේකම් එච්.පි.සුමණසේකර,හම්බන්තොට නාගරික කොමසාරිස් අංජලා අමාලි,යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්රසාද් )