දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම
2022 වසරේ හම්බන්තොට දිස්ත්‍රික් කෘෂි කර්ම කමිටුවේ පළමු රැස්වීම මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.01.21 දින පැවැත්විණි.
මෙහිදී අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්තුමා කියා සිටියේ “ නිලධාරීන්ගේ වගකීම වන්නේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි.කඩවල තිබෙන මිළට පොහොර ගොවිමහතුන් ගන්නවාවම් කෘෂි උපදේශකවරු ඇතුළු ගොවි කටයුතුවල නිරත නිලධාරීන්ගේ උපදෙස් අනුව තෙල් පොහොර ගන්න.එවැනි අයගේ උපදෙස් නැතිව ගන්න එපා.කෘෂි කර්මය පිළිබදව විශේෂඥ දැනුම ඇති අය ක්ෂේත්‍රයේ ගොස් ගොවි මහතුන්ට නියම දැනුම ලබාදෙන්න තෙල් පොහොර යොදන ප්‍රමාණය,අදාළ වර්ගය.යෙදිය යුතු නියම කාලය වැනි දේ පිලිබදව.එවිට බොහෝ ගැටළු අඩුවෙනවා.”යැයි පැවසීය.
කාබනික පොහොර වැඩසටහන,වී මිලදී ගැනීම,ගෙවතු වගා වැඩසටහන,මහා වාරි ජලාශ හා සුළු වාරි ජලාශ වල ජලය බෙදා හැරීම,අපනයන කෘෂි බෝග වගාව,පොල් වගාව,කජු වගාව,රබර් වගාව,ධීවර කටයුතු,ඇතුළු විෂයන් කිහිපයක් පිළිබදව සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කේ.පී.ජී.සුමිත් ශාන්ත මහතාද දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු,සහ කමිටු සාමාජික පිරිස් සහභාගිවිය.










