තංගල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවැල්ල කලපුවේ සිට මුහුදට ගලායන ඇළ මාර්ගය සම්බන්ධව.
තංගල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවැල්ල කලපුවේ සිට මුහුදට ගලායන ඇළ මාර්ගය දෙපස බැමිමට හානිවන පරිදි වැවී ඇති ගස් ආදිය ඉවත් කිරීමේ කටයුතු දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය, තංගල්ල ප්රාදේශීයේ ලේකම් කාර්යාලය, ප්රාදේශීය සභාව හා බහුකාර්ය සංවර්ධන රැකියා ලාභීන් එක්ව අද (28) දින (දෙවන අදියර) සිදු කර අවසන් කරන ලදී. මේ සදහා තංගල්ල ආපදා සහනසේවා නිලධාරී, වසමේ ග්රාම නිලධාරී හා තංගල්ල පොලීසියේ ප්රජා පොලිස් නිලධාරී සහභාගී විය. තවද මේ සදහා JCB යන්ත්රය විධායක ඉන්ජිනේරු මාර්ග සංවර්ධන අධිකාරිය (තංගල්ල) විසින් ලබා දෙන ලදී.














