දෙසැම්බර් මස හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව

දෙසැම්බර්මස හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

තුන් වැනි කන්නයේ මුං වගාවේ ප්‍රගතිය හා අලෙවි කටයුතු,2021/22 මහ කන්නයේ කාබනික පොහොර වැඩසටහන,වී මිළදී ගැනීම,ගෙවතු වගා වැඩසටහන,මහා වාරි ජලාශ වල හා සුළු වාරි ජලාශ වල ජලය බෙදා හැරීම,අපනයන කෘෂි බෝග වගාව,පොල් වගාව,රබර් වගාව,සත්ව පාලනය හා තෘණ භූමි වැඩ සටහන,කෘෂි රක්ෂණ කටයුතු,ධීවර කටයුතු,වනජීවි කටයුතු,ඇතුළු විෂය ක්ෂේත්‍ර කිහිපයක් පිලිබදව සාකච්ඡා කෙරෙණි.

2021 වසරේ අවසන් දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව මෙය වේ.
මෙහිදි දිස්ත්‍රික් ලේකම්තුමා කියා සිටියේ පසු ගිය දිනවලරුපියල් කෝටි 11 මුං අස්වැන්න මිළදි ගැනීම දිස්ත්‍රික්කයේ සිදු කළා.රජයේ එම මැදිහත්වීම නිසා ගොවි මහතුන්ගේ මුං අස්වැන්න සදහා හොද මිළක් ලැබුණා.මෙම වසරේ කෘෂිකර්ම කටයුතු සාර්ථක කර ගැනීම සදහා සෑම අයුරකින්ම සහාය දැක්වූ සියළුම නිලධාරීන්ටත්,ගොවි මහතුන්ටත්,ගොවි නායකයින්ටත්,අනෙකුත් සැමටත් ස්තුතිය ප්‍රකාශ කරන බවත් 2022 නව වසරේද ඉතා හොදින් කෘෂි කර්ම කටයුතු කරගෙන යෑමට සෑම දෙනාම සහය ලබා දෙන ලෙසයි.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද්)