මානුෂීය මෙහෙයුමේදී ආබාධිතවූ රණවිරුවන් සදහා සහාය උපකරණ ලබාදීමේ වැඩසටහන
මානුෂීය මෙහෙයුමේදී ආබාධිතවූ රණවිරුවන් සදහා සහාය උපකරණ ලබාදීමේ වැඩසටහනක් 2021.12.01 දින පෙරවරුවේ මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.
රණවිරු සේවා අධිකාරියේ හම්බන්තොට දිස්ත්රික් වැඩසටහන් නිලධාරිතුමා විසින් සංවිධානය කළ මෙම වැඩසටහන හම්බන්තොට අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) කේ.පී.ජී.සුමිත් ශාන්ත මහතාගේ ප්රධානත්වයෙන් සිදුවිය.
2021 වසර සදහා සහාය උපකරණ ඉල්ලීම් අතරින් හැටනව දෙනෙකුට(69) සහාය උපකරණ 142 ලබා දිමට කටයුතු කර තිබුණි.ඒ අනුව අද දින සංකේතවත්ව පස්දෙනෙකුට (05) රෝද පුටු සහ අත්වාරු ලබා දිම සිදුවිය.
මෙම අවස්ථාව සදහා සහකාර දිස්ත්රික් ලේකම් කේ.චන්දිමා නිරෝෂනී මහත්මිය, රණවිරු සේවා අධිතාරියේ දිස්ත්රික් වැඩසටහන් නිලධාරී ජේ.ජී.චාලක නුවන් මහතා ඇතුළු කිහිපදෙනෙක් එක්විය.
(දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්රසාද්)









