කාර්යාල කළමනාකරණය පිළිබද එක් දින පුහුණු වැඩමුළුව
කාර්යාල කළමනාකරණය පිළිබද එක් දින පුහුණු වැඩමුළුවක් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ ප්‍රධාන රැස්විම් ශාලාවේදි 2021.11.30 දින පැවැත්විණි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරනු ලබන නිලධාරීන් සදහා පැවැත්වුණු මෙම වැඩමුළුව සදහා හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.එච්.එස්.ජයමහ මහතා විසින් සම්පත් දායකත්වය ලබාදීම සිදුවිය.
අන්තර් ජාලය භාවිතා කරමින් සන්නිවේදන කුසලතා, නිවැරදි කාර්යාල ක්‍රම අනුගමනය කිරීම,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව,ආයතන සංග්‍රහය,වැනි මාතෘකා ඔස්සේ වැඩමුළුව පැවැත්විණි.මෙම අවස්ථාවට සහකාර දිස්ත්‍රික් ලේකම් කේ.චන්දිමා නිරෝෂනී මහත්මියද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරි පිරිසක්ද එක්විය.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද්)












