වර්තමාන විදේශ රැකියා අවස්ථා පිළිබද දැනුවත් කිරිමේ වැඩසටහන
වර්තමාන විදේශ රැකියා අවස්ථා පිළිබද දැනුවත් කිරිමේ එම ක්ෂේත්‍ර යේ දැනට පවතින ගැටළු සාකච්ඡා කිරිමේ වැඩසටහනක් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී 2021.11.25 දින සවස පැවැත්විණි.
විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපල විවිධාංගී කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්.බී.ආර්.පුෂ්පකුමාර සහ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්,සංවර්ධන නිලධාරීන් (විදේශ රැකියා)දිස්ත්‍රික් නිපුණතා සංවර්ධන නිලධාරී,මානව සම්පත් සංවර්ධන නිලධාරී ඇතුළු අංශ කිහිපයක පිරිස් පැමිණ සිටියහ.
මෙහිදී අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රකාශ කර සිටියේ අපේ රටට වැඩිම ආදායමක් තියෙන්නේ විදේශ රැකියා වලින්බවත් මෙය හොද කර්මාන්තයක් වන බවයි.එයට අතහිත දිම අප කාගෙත් යුතුකමක් වන බවද එතුමා පෙන්වා දුන්නා.
රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්.බී.ආර්.පුෂ්පකුමාර අදහස් දක්වමින් “දැන් රටවල් විවෘත කරගෙන යනවා එවායින් අපිට රැකියා අවස්ථා ලැබෙනවා.ඒ සදහා අපේ අය සූදානම් කරන්න ඕන.ඒ අය සදහා පාඨමාලාද තියෙනවා.ඒවාට සුදානම් කර යැවිය යුතුයි.දේශීයව රැකියා නැතිව සිටින අය විදේශ රැකියා වෙළද පොලට ගෙන යන්න ඕන.අපේ රටේ තියෙන වෘත්තීය පුහුණු ආයතන වලින් එලියට එන අයට විදේශ රැකියාවලට යෑමට හැකි පරිදි යාන්ත්‍රණයක් හැදිය යුතුයි.ඒ ගැන අපි සාකච්ඡා කරනවා ”යැයි එතුමා පැවසිය.
මෙම අවස්ථාව සදහා හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.එච්.එස්.ජයමහ,දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ එම්.බී.චන්ද්‍ර නිමල්, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ව්‍යාපාර ප්‍රවර්ධන)එම්.ආර්.සී.බී.ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්විය.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද්)











