තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැඩිල්ල ග්‍රාම නිලධාරී වසමේ ආපදා අවදානම් කළමනාකරණය දැනුවත් කිරිමේ වැඩසටහන

තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැඩිල්ල ග්‍රාම නිලධාරී වසමේ ආපදා අවදානම් කළමනාකරණය දැනුවත් කිරිමේ වැඩසටහනක් 2021.11.23 දින මාර කොල්ලිය විහාරස්ථානයේදී පැවැත්විණි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ උපදෙස් පරිදි හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ මෙහෙයවීමෙන් වැඩසටහන පැවැත්විණි. මෙම ග්‍රාම නිලධාරී වසමේ ආපදා අවදානම් කළමනාකරණය පිළිබඳව ග්‍රාමීය කමිටු නායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනට ග්‍රාම නිලධාරී ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද ග්‍රාමීය නායකයින්ද සහභාගිවිය.

මෙම දැනුවත් කිරිමේදි වසමට බලපානු ලබන ආපදා මොනවාද? එම ආපදා වලින් ආරක්ෂා වෙන්නේ කෙසේද?ආපදා තත්වයකදී ආරක්ෂිත ස්ථානයක් වෙත ගමන් කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබදව ජනතාව දැනුවත් කෙරිණි.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද්)