ප්‍රාදේශීය ලේකම් සාකච්ඡාව 2021.11.23
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සංවර්ධන කටයුතු,ප්‍රගතිය,ගැටළු හා විසදුම් සොයා බැලෙන ප්‍රාදේශීය ලේකම් සාකච්ඡාව මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදි 2021.11.23 දින පැවැත්විණි.
දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටළු පිළිබදව දීර්ඝව සාකච්ඡා විය.එම ගැටළු විසදීම සදහා දකුණු පලාත් සභාවේ විසදුම් යෝජනා දකුණු පලාත් ඉඩම් කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතා විසින් මෙහිදි ඉදිරිපත් කෙරිණි.
අනවසර ඉදිකිරීම්,අනවසර අල්ලා ගැනීම්,වනජීවි ගැටළු හා විදුලිවැට ඉදිකිරිම් පිළිබදව සාකච්ඡා විය.මෙහි දි දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රකාශකර සිටියේ මේවන විට හම්බන්තොට දිස්ත්‍රික්කයට විදුලි වැට ඉදිකිරීම සදහා අවශ්‍යතරම් භාණ්ඩ ලැබී ඇති බවයි.එසේම අලි වැට වෙනුවට අඟල් කැපීම මී මැස්සන් ඇතිකිරීම වැනි ක්‍රියා මාර්ග අලින් පලවා හැරීම සදහා යොදා ගතහැකිබව ඔප්පුවී තිබෙන නිසා මෙම දිස්ත්‍රික්කයේද ඒ පිලිබදව ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිලිබද සොයා බලන ලෙස වනජීවී දෙපාර්තමේන්තුවෙන් පැමිණි නිලධාරින්ට දැන්වීය.
සංවර්ධන ව්‍යාපෘති හා සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන පිලිබද ප්‍රගතිය,විමධ්‍යගත අයවැය වැඩසටහන,සුරකිමු ගංගා වැඩසටහන පිලිබද විස්තරය දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ එම්.බී.චන්ද්‍ර නිමල් මහතා විසින් ඉදිරිපත් කෙරිණි.
මෙම සාකච්ඡාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.එච්.එස්.ජයමහ, අතිරේක දිස්ත්‍රික් (ඉඩම්) ලේකම් කේ.පී.ජී.සුමිත් ශාන්ත,සහකාර දිස්ත්‍රික් ලේකම් කේ.චන්දිමා නිරෝෂනී, යන මහත්ම මහත්මීන්ද දිස්ත්‍රික්කයේ සියළු ප්‍රාදේශීය ලේකම්වරුන්,සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක්විය.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )









