ආපදා අවදානම් කළමනාකරණය පිළිබද දැනුවත් කිරිමේ වැඩසටහන

ආපදා අවදානම් කළමනාකරණය පිළිබද දැනුවත් කිරිමේ වැඩසටහනක් හම්බන්තොට කාවන්තිස්සපුර යුද හමුදා කඳවුරේදී 2021.11.19 වන දින පැවැත්විණි.

ආපදා කළමකාකරණ මධ්‍යස්ථානයේ උපදෙස් පරිදි හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් හා 12 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේත් 121, 122 බලසේනාංකාධිපති තුමන්ලාගේත් පුර්ණමග පෙන්වීමෙන් පවත්වන ලදි.

හම්බන්තොට 12 වන සේනාංකය යටතේ ඇති යුධ හමුදා කඳවුරුවල ස්ථානගත කර සිටින ආපදා මුදවා ගැනීම් හා ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම්වල නිලධාරීන් හා සෙසු නිලයන් 50 දෙනෙකු සඳහා පිටත දහන යන්ත්‍ර පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායික දැනුම, සහන කඳවුරුවල කළමනාකරණය, කැළැගිණි සඳහා ප්‍රතිචාර දැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩ මුළුවක් 3 වන ජාතික ආරක්ෂක බලමුළු මුලස්ථානය කාවන්තිස්සපුර කඳවුරේදී පැවැත්විණි.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද්)