මැදි කන්නයක් ලෙස වගා කරනු ලැබූ මුං අස්වැන්න මිළදී ගැනිම

කිරිදිඔය ව්‍යාපාරයට අයත් තිස්සමහාරාම,ලුණුගම්වෙහෙර, ඇතුළු ප්‍රදේශ කිහිපයක ගොවීන් විසින් කුඹුරු බිම්වල අතර මැදි කන්නයක් ලෙස වගා කරනු ලැබූ මුං අස්වැන්න මිළදී ගැනිම වීරවිල රජයේ ගබඩා සංකීර්ණයේදී පසුගිය දා සිදු කෙරිණි.

මෙම මිළදී ගැනිම රජය හා කාගිල්ස් ෆුට්සිටි ආයතනය විසින් සිදු කෙරිණි.මෙහි පලමු පියවර ලෙස මිලදි ගැනීම සදහා රජය මගින් දිස්ත්‍රික් ලේකම්තුමා වෙත රුපියල් මිලියන දහයක මුදලක් රජය මගින් ලබා දි ඇත.අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කොවිඩි අරමුදල මගින්ද මුං ඇට මිළදී ගෙන කොවිඩ් රෝගීන් වෙත බෙදා දිමටද කටයුතු යොදා ඇත.
මුං අස්වැන්න මිළදී ගැනිම හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. කාගිල්ස් ෆුට්සිටි ආයතනය විසින් මෙහිදී ගොවීන් ගෙන් මුං ඇට කිලෝවක් රුපියල් 455කට මිළදී ගැනීම සිදු විය.

මෙම අවස්ථාවට තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව්.ජී.උපුල්, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් චන්දිමා මනම්පේරි, කාගිල්ස් ෆුට්සිටි ආයතනයේ මිළදී ගැනීම් අංශයේ කළමනාකරු අර්ජුන කුමාර සිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.

( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )

246354189 849130529117071 1376007482745673925 n  246494205 849130662450391 6433849442396086999 n

246488380 849130849117039 366004611862886170 n