මුහම්මද් නබිතුමාගේ ජන්ම දින සැමරුම් වැඩසටහන
මුහම්මද් නබිතුමාගේ ජන්ම දින සැමරුම් වැඩසටහනක් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පි.සුමණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට අලුත් පල්ලියේදී 2021.10.19 දින පෙරවරුවේ පැවැත්විණි.
එම පල්ලියේ පරිපාලක සභව හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික කටයුතු අංශයේ මුස්ලිම් ආගමික ශඛාව විසින් මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.
සැමරුම් වැඩසටහනින් පසුව මෙම දිනය සංකේතවත් කරමින් රුක් රෝපන වැඩසහනක්ද පල්ලි පරිශ්‍රය තුළ ක්‍රියාත්මක කළ අතර එයටද සියළු දෙනා එක් විය.මෙම වැඩ සටහනට පැමිණි පිරිස සදහා කහ පැළ බෙදා දීමක්ද සිදු කෙරිණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.එච්.එස්.ජයමහ මහතාත් පල්ලියේ පූජකවරු,පල්ලි පරිපාලක සභාවේ නිලධාරී මණ්ඩලය ඇතුළු පිරිසක් එක්විය.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )








