ප්‍රාදේශීය ලේකම් සාකච්ඡාව - 2021 ඔක්තෝබර්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගැටළු හා සංවර්ධන කටයුතුවල ප්‍රගතිය විමසා බැලෙන ප්‍රාදේශීය ලේකම් සාකච්ඡාව දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමනසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් 2021.10.05 දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.
මේ සදහා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් එක්වූ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහකාර සැලසුම් අධ්යක්ෂවරු හා ගණකාධිකාරීවරුන් Zoom තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාවට එක්විය.
මෙහිදී අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රකාශකර සිටියේ 2022 වසර මුලදී එම වසරේ සංවර්ධන වැඩ සදහා මුදල් ලැබෙන බවත් ඊට ප්‍රථම ඒ සදහා අවශ්‍ය මූලික කටයුතු නිමකර තැබීමට කටයුතු කළයුතු බවයි.පරිසර අමාත්‍යාංශය මගින් ලංකාවේ පැළ තවාන් 650 ආරම්භ කිරීමට කටයුතු කරනු ලබන බවත් එම පැළ තවාන් ආරම්භ කළ හැකි ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශ හදුනාගෙන දන්වන ලෙස මෙහිදී උපදෙස් ලබා දුණි.පරිපාලනයේදී ඇති වන ගැටළු පිළිබදව අවබෝධයෙන් වැඩකරන ලෙසත් අත් දැකීම් බහුල නිලධාරීන් ඉදිරියට පැමිණියයුතු බවත් එවැනි නිලධාරීන් අපිට මෙහි සිටීම වැදගත් බවත් එතුමා පෙන්වා දුණි.
තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අධීක්ෂණය කිරීමේ ප්‍රගතියත් ග්‍රාම නිලධාරී කාර්යාල පරීක්ෂණය පිළිබදව අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.එච්.එස්.ජයමහ මහතා විසින් කරණු පැහැදිලි කෙරිණි.ඉඩම් රාජකාරි හා සමෘද්ධි කටයුතු පිලිබදව අතිරේක දිස්ත්‍රික් (ඉඩම්) ලේකම් ලෙස කේ.පී.ජී.සුමිත් ශාන්ත මහතා විසින් දැනුවත් කිරීම් සිදුවිය.දැනට අවසන් ව්‍යාපෘති හා ක්‍රියාත්මක ව්‍යාපෘතිත් ඉදිරියේදී සිදු කරනු ලබන සංවර්ධන කටයුතු පිලිබදව දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්යක්ෂ එම්.බී.චන්ද්‍ර නිමල් මහතා විසින් පැහැදිලි කෙරිණි. ශ්‍රී ලංකා පරිපාලන සේවයට පුහුණුව සදහා පමිණි නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්විය.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද්)







