වෙසක් පුණ්‍යමහෝත්සවයට සමගාමීව පවත්වන ලද මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ සර්ව රාත්‍රික පිරිත් දේශනය
2570 වන ශ්‍රී සම්බුද්ධ වෙසක් පුණ්‍යමහෝත්සවයට සමගාමීව මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී 2026.06.050දින සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පවත් පසු දින උදෑසන මහා සංඝරත්නය විසයෙහි සපිරිකර මහා සංඝගත දක්ෂිණාවක් පිරිනැමිණි.
හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව පරිපාලන සංකීර්ණයේ බෞද්ධ සංගමය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙය සංවිධානය කර තිබුණි.
පරිපාලන සංකීර්ණයේ සියළු ආයතනවල දායකත්වයෙන් පැවැති මෙම පිංකම වාර්ෂිකව සිදු කරන අතර මෙහිදී මෙම සංකීර්ණයේ ආයතනවල සේවය කර මියගිය සියළු දෙනාට පිංපැමිණවීමත් රෝගීව සිටින සැමට ආශිර්වාද කිරීමත් සියළු ලක්වැසියන්ට සෙත් පැතීමත් මෙහිදී සිදු කෙරිණි.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට )









